Image එකක් ඇතුලේ ඕනෑම File එකක් හන්ගමු .



හරි, ඔන්න අද ගේනවා තව අලුත් දෙයක්. මේ දේ සමහරක් ය දන්නවනම් ඇති. එත් මේක නොදන්නා කට්ටියත් ඇතිනේ. අන්න ඒගොල්ලොන්ට තමයි මේ Post එක දාන්නේ. හරි, ඔයාලට මේ ක්‍රමේට ඔයාගේ personal  files හංගලා ඔයාගේ කරදරකාරී යාලුවොන්ගෙන්  ඔයාගේ files ටික ආරක්ෂා කරගන්න පුළුවන්. කවුද හිතන්නේ Image එකක් ඇතුලේ files තියේද කියලා නේ.. මේක කරලා ඒ Image එක open කරහම සාමාන්‍ය පරිදිම ඒ Image එක තමයි Open වෙන්නේ. හරි හරි, වැඩි කතා නැතුව අපි වැඩේට බහිමුකො.


හරි, මන් හිතනවා ඔයාලට එච්චර CMD commands වල දැනුමක් නැතෙයි කියලා. එක නිසා මන් ඔයාලට මේක ලේසිම ක්‍රමේට කියල දෙන්නම්කො.

හරි එහෙනම් ඔයාගේ drive (C එක නැතුව වෙන ඕන එකක). අපි D එකේ Drive එකට ඔයාට කැමති image එකකුයි, ඔයාට ඒ image එක ඇතුලේ හංගන්න ඕන files ටිකයි copy කරගන්න.
(D එකටම copy කරන්න, D එකේ තියෙන වෙන folders වල copy කරන්න යන්න එපා.)

ඔය copy කරගත්ත Image එකේ නමට lock කියල දෙන්න, හදාගත්ත rar file එකේ නමට file කියල දෙන්න (Rename කරගන්න)

හරි දැන් අපිට කරන්න තියෙන්නේ ඒ අපිට image එක ඇතුලේ හංගන්න ඕන files ටික ,rar file එකක් විදිහට save කරගන්න එක(winrar එකෙන් හදා ගන්න).

ඔන්න මන් දැන් .rar ෆිලේ එකක් හදාගත්තා.(පහල රුපය)



හරි, ඔහොම අපි file එක හදාගත්තට පස්සේ ඔයා CMD එක open කරගන්න.
cmd එක Open කරාට පස්සේ ඔය පහල රතු පාටින් තියෙන එක comment කරන්න. type කරන්න.

D:

හරි දැන් ඔයාල CMD එකේ ඉන්නේ D drive එක ඇතුලේ. දැන් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ පහල තියෙන එක CMD එකේ type කරන එක.


copy /b lock.jpg + file.rar image.jpg

හරි ඔන්න දැන් අපේ වැඩේ හරි. එහෙනම් ඔයාල ඔය Image එක open කරලා බලන්නකෝ. අහ්හ්,,, වැඩේ හරි නේද? ඔය photo එක සාමාන්‍ය ආකාරයටනේද open වෙන්නේ? හැබැයි ඔය image එකේ MB ගැනනම් වැඩි ඇති.. හරි දැන් ඔකේ තියෙන files ටික බලන්නේ මෙන්න මෙහෙම.


ඔයාල ඔය Image එක Winrar software එකෙන් open කරලා බලන්නකෝ. ඔය හංගපු filse ටික ඇති..



ඔන්න එහෙනම් අපි ගියා. පහලින් comment එකක් ගෙන යන්න. post එක share කරන්න.


No comments:

Powered by Blogger.