Connect වෙලා ඉන්න ඕනෑම Wifi ජාලයක Password එක හොයගමු.(using CMD)


කොහොමදකට්ටියට, ඔන්න මන් අද ගෙනාවේ හොද post එකක්, මේක ඔයාලට ගොඩක් වැදගත් වේවි කියලා මම හිතනවා. හරි එහෙනම් අපු වැඩේට බහිමුකෝ. එත් මේ ක්‍රමයට පස්සවෝර්ඩ් එක ගන්නනම් අපි ඒ wifi network එකට සම්බන්ද වෙලා තියෙන්න ඕන. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමුකො.


ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ CMD(command promt) එක right click කරලා Run as addminister දෙන එක.(පහල රුපය)


හරි දැන් අපි ඕක open කරගත්තට පස්සේ මෙන්න මේ පහල රතු පාටින්  තියෙන command එක ගහන්න.

netsh wlan show profile


හරි දැන් ඕක ගැහුවට පස්සේ අපිට කරන්න තියෙන්නේ, ඕක ගහලා ආපු එකේ  තියෙන wifi names list එකෙන් අපිට password එක හොයාගන්න ඕන Wifi network එකේ නම බලා ගන්න එක. (පහල රුපය)(ඔයට password එක හොයන්න ඕන wifi  එකේ නම බලාගන්න)



හරි, අපි wifi එකේ නම බලා ගත්තට පස්සේ අපිට ඊළගට කරන්න තියෙන්නේ මෙන්න මේ පහල තියෙන command එක දෙන එක.

netsh wlan show profile WiFi-name key=clear



එත් එක දෙයක් මේ command එකේ WIFI-name කියන එක මකලා ඔයාට password එක හොයාගන්න ඕන wifi එකේ නම දෙන්න.  එකට උදාහරණයක් විදිහට පහල තියෙන උදාහරණය බලන්න.

Ex - netsh wlan show profile NETGEAR13  key=clear

ඔන්න දැන් අපේ වැඩේ හරි. දැන් ඔයාලට මෙන්න මේ වගේ data list එකක් එවි.(පහල රුපය)


හරි ඔන්න ඔය මන් රතු පාටින් කොටු  කරලා තියෙන්නේ අපිට හම්බුනු details වල  wifi එකේ password එක තියෙන තැන තමයි.


හරි එහෙනම් ඕක කරලා බලන්නකෝ. මන් ගිය එහෙනම්. post එක හොදයිනම් පහලින් comment එකක් දලා පොස්ට් එක ස්හරේ කරන්න.



3 comments:

  1. Connect wela inna wifi network ekaka password eka ganna ochchara dewal karanna ona neene.

    ReplyDelete
  2. Password hack karana krama thiyanawada..

    ReplyDelete
    Replies
    1. 100%k sarthaka ewa na. eth issarahata ekak dekak dannamko ewagenuth

      Delete

Powered by Blogger.